Sunday, May 2, 2010

එක් ළමයෙකු වෙනුවට ළමයි තුන් දෙනෙකු ගැන හිතු අම්මා.

කාට කාටත් ළමය ගඟට විසි කරපු අම්මව මතක ඇතිනෙ.දැන් ඒ අම්මගෙ අනෙක් ළමයි තුන් දෙනාව පවුලකින් බාර ගෙනලු. ඒ ළමයින්ට ආධාර කරන්න රාඡ්‍යය නොවන සංවිධාන රැසකිනුත් ඉදිරිපත් වෙලා. මොන අරමුණකින් ගඟට විසි කරා වුනත් කාලයක් දුකින් හිටපු ඒ අම්මටනම් දැන් සතුටු ඇති. මොකද අඳුරැ වෙන්න නියමිත වෙලා තිබුණු ඒ අම්මගෙ අනෙක් ළමයි තුන් දෙනාගේ ඡිවිත එළිය වෙලා. ඉතින් ඒ ළමයෙක් ගඟට විසි කරපු අම්ම කෙනෙක් විදිහට හිත්නනෙ නැතිව ළමයි තුන් දෙනෙකුගේ අනාගතය අලෝකමත් කරපු අම්ම කෙනෙක් විදිහට හිතුවොත් ගොඩාක් හොඳයි නේද.

Tuesday, February 23, 2010

ආදර්ශමත් නායකයා

දැන් ඉතින් ඡන්දෙත් ලඟයිනෙ. ඡනාධිපතිතුමානම් කිව්වෙ එකම දිස්ත්‍රික්කයෙන් එකම පවුලෙ දෙන්නෙකුට නාම යොඡනා දෙන්නෙ නෑ කියලයි. එතුමා කලින්නම් කියල තිබ්බෙ රටක නායකයෙක් වුනාම තමන් ක්‍රියාවෙන්ම ආදර්ශමත් වෙන්ඩ ඔනෙ කියල. කියන දේ කරන කෙනෙක් වෙන්ඩ ඔනෙ කියල. එත් මෙන්න බොලේ චමල්, නාමල්, නිරූපමා කියන රාඡපක්ෂ පවුලේ බුරුත්තක්ම එකම දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉල්ලනවලු. සමහර විට එකම දිස්ත්‍රික්කයෙන් එකම පවුලෙ දෙන්නෙකුට නාම යොඡනා දෙන්නෙ නෑ කියන නීතිය රාඡපක්ෂ පවුලට අයිති නැතිව ඇති.

Wednesday, February 10, 2010

දැයට කිරුළ බලන්ඩ ගියෝ....


ඔන්න ඇඳිරි වැටී ගෙන එද්දි කලවැද්දත් පිටත් වුනා දැයට කිරුළ බලන්ඩ කියල. පාරෙත් මහ සෙනග. දැයට කිරුළ බලලා එන ගෑනු කෙනෙක් කිය කියා යනවා මදැයි බැලුව දැයට කිරුළක් කියල. එහෙම කිව්වෙ ඇයි කියලනම් දන්නනෙ නෑ. ඉතිං කලවැද්දත් බල්බ් එල්ලලා තියන පාර දිගේ දිගටම ගියා. ඔහොම ගිහිල්ලා යාන්තම් ඇතුලට රින්ගා ගත්ත. ඇතුල් වෙද්දිම තිබ්බෙ මහින්ද කරපු දේවල් වල පින්තූර ගොඩක්. එතනින් එලියට ආවට පස්සෙ තිබ්බ ගුවන් පාළමක්. ඒකෙනුත් පොර කාගෙන එගොඩ වුනා. හැම කුටියකම lcd tv දහයක් විතර. මුළු ප්‍රදර්ශණයේම lcd tv පනස් දාහක් විතර ඇති. බර ගානක් වියදම් වෙන්ඩ ඇති. සාමන්‍ය මිනිස්සුනගෙම සල්ලි තමා ඉතිං. මිනිස්සු වැඩි හරියක් ඉන්නේ කුටි වලට වඩා පාරේ. සමහර කුටි වල කවුරුවත් නෑ. ඊට පස්සෙ කලවැද්ද රින්ගුවෙ කිරුම් මිනුම දෙපාර්තමේන්තුවෙ කුටියට බර කිරා ගන්ඩ කියල. එකේ බරයි උසයි එකපාර මැනෙන උපකරණයක් තියනව. කලවැද්දට උසට හරියන බරක් තියනව කියල එතන හිටපු කෙනා කිව්ව. එතනින් පස්සෙ කාර්මික විද්‍යාලයේ කුටියට ගියා. එන්ඡිමක් වැඩ කරන හැටිත් බලා ගත්තා. ඔහොම යද්දි ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ කුටියටත් ගියා. එකෙ ඇතුලෙ එයාර් හොස්ටර්ලගෙ පින්තූරයි පරණ ප්ලේන් එකකින් ගලව ගත්ත සීට් දෙක තුනක් ඇරෙන්ඩ වෙන මුකුත් තිබ්බෙ නෑ. බලෙන්ම වගේ එයාර් හොස්ටර් කෙනෙක් ඉන්න පෝස්ටරයකුත් දුන්න. එකත් කිහිල්ලෙ ගහගෙන ඉස්සරහට යද්දි අ‍හසෙ මල් වෙඩි පත්තු කරනව. කවද දැක්ක මල් වෙඩිද කියල ඒකත් බැලුව. දිගටම යද්දි තියනව අධ්‍යාපන අමාත්‍යංශයෙ කුටිය. එක ඉස්සරහම ‍පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කුටිය. අධ්‍යාපන අමාත්‍යංශය කියන්නෙ ප්‍රශ්ණ පත්‍තරත් එක්ක උත්තර පත්‍තරත් දෙන තැනක් හින්ද ඒකට යන්නෙ නැතුව ‍පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කුටියට ගියා. මෙන්න බොලේ එකේ ඉන්නව කලවැද්දෙක් පුළුන් පුරවල. මාවත් අල්ල‍ගෙන පුළුන් පුරවන්ඩ කලින් එතනින් පැන ගත්ත(හිහි..හී...). ඊට පස්සෙ ගියෙ හමුදවෙ කුටි වලට. එම් අයි 24 හෙලිකොප්ටරේකුත් තිබ්බ. හිතුවටත් වඩා ගොඩක් ලොකුයි ඒක. නැවක් අතුලෙනුත් ගියා. යුද්ධ ටැංකිත් අල්ලුවා. හැම තැනම ඇවිදලා ‍හොඳටෝම මහන්සි හින්දා ප්‍රදර්ශණ භූමියෙන් එලියට යද්දි මෙන්න ඡනප්‍රිය නළුවෙකුත් යනවා. එයත් එක්ක යන අනෙක් එක්කෙනා දැකලත් පුරුදුයි. බැලින්නං කලවැද්දත් එක්ක එක පන්තියෙ හිටපු කෙනෙක්. මිනිහත් දැන් නළුවෙක්ලු.මිනිහ චිත්‍රපටි දෙකකම ප්‍රධාන වරිතය රඟ පෑවලු. යන්තන් දැයට කිරුළෙන් එලියට පැන ගත්ත කලවැද්දා රුපියල් සීයට ගත්ත කොත්තු මී එකකුත් කකා අවිද්ද පය දහස් වටී කියල පයින්ම ගෙදර ගියා.